අභියෝග හමුවේ ජීවිතය ජය ගන්න.......

අභියෝග ජීවිතයට ආදර්ශයක් කර ගනි මින් ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න. ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වාම අපිට මුන ගැහෙන්නේ විවිධ වූ අභියෝගයන්ය නමුත් එකිනෙකා එම අභියෝග වලට දක්වන ප්‍රතිචාර විවිධය.  ඇතැමුන් අභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරමින් සාර්ථක පිළිතුරු කරා ලගා වන අතර ඇතැමුන් අභියෝග හමුවේ කඩා වැටීමකට ලක් වේ.  

මා සිතනා අයුරින් මිනිසා උපතින්ම ගෙන එන්නෙ Positive mind set එකකි. නමුත් කාලයාගෙ ඇවැමෙන් ලෝකය දෙස දෑස් විවර වී යාථාර්ථය පෙනෙන්න්ට පටන් ගන්නවාත් සමගම negative කියන concept එක මනස ආක්‍රමණය කරන්න පටන් ගැනීම සිදු වෙනවා විය හැකිය. අභියෝග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව පාලනය කරන්නෙ මේ කියන Negative සහ Positive කියන කරුණු ද්විත්වය යැයි පැවසීම යුක්ති යුක්‍ත යැයි මම සිතමී.  

ඕනෑම පුද්ගලයෙක්ම මේ ද්විත්ව කරුණු මත යැපෙන අවස්ථා ඇත. එකිනෙකා අභියෝග දෙස බලන ආකරය අනුව තීරණය වේ එය Negative mind set එකක් බවට පරිවර්තනය වේද නැතහොත් Positive mind set එකක් බවට පරිවර්තනය වේද යන්න බව. මෙකී ආකරයට අපි මෙම අංගයන් දෙකෙන් අපේ ජීවිතය සාර්ථක කර ගන්න අත්‍යාවශ්‍ය කොටස අපේ ජීවිතයට ලගා කර ගන්නෙ කෙසේද යන්න බව පහත කරුණු මගින් දැක්වීමට හැකිය. 

  1. පළමුව ඔබට මූණ ගැහෙන ඕනෑම අභියෝගයක් තමන්ට ලැබෙන කාර්‍යක් ලෙස සිතන්න.
  2. අභියෝගය කුමන ආකරයේ වුවත් පිළිතුර තමාගේ ආකරයට සොයන්න උත්සහා ගන්න. එනම් කිසිම දෙයක් මත යැපෙමින් පිළිතුරු සෙවීමෙන් වැළකී සීටීමට අදිටන් කර ගන්න. 
  3. රාමුවක් මත කොටුවී අභියෝගය දෙස බැලීමෙන් වැළකී රාමුවෙන් ඔබ්බට පැමිණ අභියෝගයේ ස්භාවය විමර්ශනය කරන්න. 
  4. සෑම විටම මනස තුළ දැඩි අධිෂ්ඨානයක් තබා ගන්න. චංචල හිත තුළ මට බෑ කියන වචනයට ඉඩක් නැති වෙන තරමට ප්‍රබල වන්න. 
  5. ජීවිතයට හමුවන අභියෝග සේම උදාවන සෑම දවසක්ම අභියෝගයක් කොට සලකන්න. 
සෑම මිනිසෙකුටම දිනකට පැය 24ක කාලයක් හිමිවේ. නමුත් දවස අවසානයේ ඔබ ආපස්සට කාලය දෙස බැලුවහොත් ඔබ එම කාලය ප්‍රයෝජනවත් ආකාරයට භාවිතා කර ඇති බවට සහතික විය හැකිද ? මුදල් මත යැපුන මෙම ලෝකය තුළ මිනිසාද මුදලට යට වී හෙම්බත් වී ඇති බව නොරහසකී. දැනට ඕනෑම පුද්ගලයෙකු මූන දෙන ප්‍රධානම අභියෝගයද මෙය බව ලොකු කුඩා ඕනෑම අයෙකුම දනී. නමුත් එයට පීළිතුරු වශයෙන් යම් දෙයක් කිරීමට පෙළබෙන්නේ කී දෙනෙක් විය හැකිද? ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් දිය හැකි වන්නෙ කනගාටුදායක පිළිතුරක් බව ද මා හොදාකාරවම දනී. මන්ද එදිනෙදා ජීවිතයේදි මුන ගැසෙන සමහරක් මිනිසුන්ගෙ චර්‍යා රටාවන්  සමග ගත් කල, ඔවුන්  පුරුදුව සිටින්න එකිනෙකා විවේචනය කරමින් කාලය ගෙවීමට බව තේරුන් ගැනීමට අපහසු කාරනයක් නම් නොවේ. ඉදින් මේ වටිනා කාලය විනාස කිරීමට දරණ ප්‍රයත්නයන් පසෙකලා දවස ආරම්භයේදී සිත තුළ නව ප්‍රබෝධයක් ඇති කර ගත යුතු වේ. එවිට අනෙකා විවේචනය කරමින් දවස ගෙවනවා විනා තමන්ගෙ යහ පැවැත්ම උදෙසා එකදු හෝ රාජකාරියක් කළ හැකි වනු බව නොවනුමානය.