සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව මනස
- මනෝවිශ්ලේෂණවාදයේ පියා ලෙස හැදින්වෙන සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව මනස වූ කලී වතුර මත පාවෙමින පවතින අයිස් කන්දක් වැනිය. ඔහු පවසන ආකරයට 10% ක් පමණ විශාල අයිස් කන්දක් වතුරේ පාවෙමින් පවතින විට එයින් 1%ක් පමණ ප්‍රමාණයක් වතුරෙන් උඩටත් ඉතිරි 9% වතුර තුළටත් ව පිහිටන අතර ඒ අකාරයටම මිනිසාගෙ මනස ද 1% ක් පිටින් පෙනෙන අතර ඉතිරි 9% ම සැගව පවතින බවයි.
- මුල් කාලයෙදි ෆ්‍ර්‍රොයිඩ් මනස කොටස් තුනකට බෙදා දැක් වූ අතර එය මෙසෙ ගෙන හැර දැක්විය හැකිය. එනම්,
- විඥානය Conscious min
- උප විඥානය Pre conscious mind
- අවිඥානය Unconscious mind ලෙස වේ.
- මෙය පාවෙන අයිස් කුට්ටියක දැක්වූ විට,
ලෙස පෙන්විය හැකිය.
- ඒ අනුව ජලය මත පා වෙන කොටස විඥානයත් නොගැඹුරු මුහුදේ ඇති කොටස උපවිඥානයත් ගැඹුරු මුහුදේ පවතින කොටස අවිඥානයත් ලෙස වෙන් කර ඇත.
- ෆ්‍රොයිඩ්ට අනුව මනසේ වැඩි කොටසක් අවිඥානයත් ඉතිරි කොටස තුළ ඉතා පොඩි ප්‍රමාණයක් විඥානයටත් වෙන් කර ඇත.
- නමුත් පසු කාලීනව ෆ්‍රොයිඩ් මෙම අදහස වැඩි දියුණුකරමින් නැවත මනස කොටස් කිහිපයකට භෙදා වෙන් කරන ලදි. එයද අයිස් කුට්ටියක් ඇසුරෙන් මෙසේ ගෙන හැර දක්වා ඇත.